විසඳුමක් සොයා නොගත්තොත් – දිගටම අරගලය කර කර ඉන්න වෙයි

835

ගොල්ෆේස් විරෝධතාකරුවන්ට අගමැති කියයි

ගෝල්ෆේස් පිටියේ විරෝධතාවේ නියැළෙන තරුණ පිරිස සාකච්ඡාවකට සූදානම් නම් ඔවුන්ට අරලියගහ මන්දිරය ඕනෑම මොහොතක විවෘත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“අරගලයක් යනවා. එයාලාට විසඳුමක් බලන්න සාකච්ඡා කරන්න එපායෑ ඉතින්. එයාලා සාකච්ඡාවට එන්නෙ නැති තාක්කල් ඒ අරගලය එහෙමම යයි. එයාලාට මට කියන්න තියෙන්නේ රජයත් එක්ක සාකච්ඡා කරන්න. එයාලා විශ්වාස කරන රජයේ යම් පාර්ශ්වයන් එක්ක කතා කරන එකයි හොඳ කියලායි. මම ඒ කට්ටියට කියන්නෙ, යම් විසඳුමක් හොයාගත්තොත් තමයි හොඳ කියලා. නැත්නම් ඉතින් ඒ අරගලය ඔහොමම දිගින් දිගටම කර කර ඉන්න පුළුවන්”

ප්‍රශ්නය – ඔබ මීට කලිනුත් ආරාධනා කළා අරගලයේ ඉන්න තරුණ පිරිසට ඇවිල්ලා සාකච්ඡා කරන්න කියලා. හැබැයි ඒ කිසිදෙයක් ඉදිරියට ගියේ නෑ?

“නෑ ඉතින් අපට දන්වලා නෑ කාටවත්. ඕනෙ වෙලාවක අරලියගහ මන්දිරය විවෘතයි. මේ කට්ටිය කියනවා නම් අහවල් දවසේ අහවල් වෙලාවට එනවායි කියලා එයාලාට ඕනෙ සාකච්ඡා කරන්න කැමති මැති ඇමැතිවරුන් මම ගෙන්නලා දෙන්නම්. ඒ අයත් එක්ක කතා කරන්න”

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ නෙත් එෆ්. එම්. ගුවන්විදුලි නාලිකාවත් සමග පසුගිය 23 වැනිදා පැවති සම්මුඛ සාකච්ඡාවේදීය.

අනුර බාලසුරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment