විසඳුම් දෙන්න බැරි නම් සෞඛ්‍ය ඇමැති ගෙදර යන්න – දේවිකා කොඩිතුවක්කු

330

මිඩ්වයිෆ්ලා මාරාන්තික උපවාසයකටත් ලෑස්තියි

‘‘සෞඛ්‍ය සේවකයාගේ ගැටලූවලට උත්තර දෙන්න බැරි නම් සෞඛ්‍ය ඇමැතිතුමා ගෙදර යන්න ඕනෑ. මුලදීම ගැටලූවලට උත්තර දුන්නා නම් අද මේ සෞඛ්‍ය වැඩ වර්ජනය ඔඩුදුවන්නේ නැහැ’’ යැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය ‘දිවයින’ට ඊයේ (11 වැනිදා) පැවසුවාය.

සෞඛ්‍ය ඇමැතිවරයා සෞඛය සේවකයාගේ ගැටලූවලට කන් නොදීම ගැන කනගාටුවට පත්වන බව ද ඇය සඳහන් කළාය.

මෙහිදී තවදුරටත් කතා කළ රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිවරිය මෙසේ ද කියා සිටියාය.

‘‘සෞඛ්‍ය සේවකයාගේ ප‍්‍රශ්නවලට, ගැටලූවලට උත්තර දෙන්න බැරි නම් සෞඛ්‍ය ඇමැතිතුමා ඔය පුටුව දාලා ගෙදර යන්න ඕනෑ. ජනතාවගේ සෞඛ්‍ය සේවය ඉහළට ඔසවලා තබන්න තමයි සෞඛ්‍ය ඇමැතිතුමාව ජනාධිපතිතුමා පත් කළේ. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට ගියාම නැහැ කියනවා. සෞඛ්‍ය සේවකයාගේ ගැටලූවලට විසඳුමක් දෙන්නේ නැත්නම් අපි මාරාන්තික උපවාසයකට යනවා. මේ වර්ජනය නිසා රෝගීන්ට සිදුවෙන අසාධාරණය ගැන කනගාටුවට පත් වෙනවා. ඒකට වගකියන්න ඕනෙත් සෞඛ්‍ය ඇමැතිතුමා. මොකද මේ වර්ජන කි‍්‍රයාවලියට ඇදලා දැම්මේ එතුමා මුල් අවස්ථාවේදීම සෞඛ්‍ය සේවකයාගේ ගැටලූවලට විසඳුම් දුන්නා නම් මේ ප‍්‍රශ්නය මේ තරම් ඔඩු දුවන්නේ නැහැ’’

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment