විසඳුම් නැතිනම්  මාර්තු 1 සිට යළි  සටන අරඹනවා – රවි කුමුදේශ්

181

සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් මාර්තු 01 වැනිදා සිට නැවත වැඩවර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා ‘දිවයින’ට ඊයේ (16 දා) පැවසීය.

සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක් වැඩවර්ජනය ආරම්භ කළේ සිය ඉල්ලීම් පිළිබඳව මාස තුනහමාරක් තිස්සේ බලධාරීන්ට දැනුම් දී විසඳුමක් නොලැබුණු නිසා බවද ඒ මහතා කීය.

වැඩවර්ජනය නිසා මහජනතාව අපහසුතාවට පත්වන බව පැවසූ පුද්ගලයන් වැඩවර්ජනය තාවකාලිකව නතර කළ පසුව වෘත්තීය සමිතිවල ඉල්ලීම්වලට සාධාරණයක් කරන ලෙස ඉල්ලා සිටිනු ඇතැයි බලාපොරොත්තු වන බවද කුමුදේශ් මහතා කීය.

එසේ නොකර නැවත වැඩවර්ජනයක් ආරම්භ කිරීමෙන් පසු මහජනතාව අපහසුතාවයට පත්වන බව නොකියන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. සිය ඉල්ලීම් ලබාදීමට යෑමේදී සෞඛ්‍ය ලේකම්වරයාගේ හිරකාරයකු බවට සෞඛ්‍ය ඇමැතිවරයා පත්ව සිටින බව පෙනී යන බව ඔහු පැවසීය.

වැඩවර්ජනය මර්දනය කිරීම සඳහා චේතනාන්විත සහ සැලසුම්සහගතව කටයුතු කළ බව බලධාරීන් සිදුකරන ප‍්‍රකාශ හරහා පෙනී යන බවත් දැන් එය මාධ්‍යයට එල්ල කිරීම ආරම්භ කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment