විස්සයි විස්සත් ඉන්දියාව ජයග‍්‍රහණයකින් අරඹයි

173

තරග 3 කින් සමන්විත පන්දුවාර 20-20 තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් සංචාරක බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැති පළමු පන්දු වාර 20-20 තරගයෙන් කඩුලූ 6 ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ඉන්දියාව ඊයේ (17 වැනිදා) සමත් විය.

තරගයේ පළමුව වන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුලූ 7 ක් දැවී ලකුණු 157 ක් ලබා ගත් අතර ඉන්දියාව පන්දු වාර 18.5 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 162 ක් ලබා ගනිමින් ජය සනිටුහන් කර ගත්තේය.

මෙම තරගයේදී ඉන්දියාව වෙනුවෙන් පන්දු වාර 20-20 තරග වරම් හිමිකර ගත් රවී බිෂ්නොයි ලකුණු 17 කට කඩුලූ 2 ක් දවාගත් අතර ඔහු තරගයේ වීරයා සම්මානය ද හිමි කර ගත්තේය. දෙරට අතර පැවැති එක්දින තරගාවලිය ද 3-0 ක් ලෙස ඉන්දියාව ජය ගත්තේය.

ලකුණු සාරංශය – බටහිර ඉන්දීය කොදෙව් 157/7, නිකොලස් පූරන් 61, කයිල් මේයර්ස් 31

පන්දු යැවීම රවී බිෂ්නොයි 17-2, හර්ෂාල් පටෙල් 37-2

ඉන්දියාව 162/4, රොහිත් ෂර්මා 40, ඉෂාන් කිෂන් 35, රොස්ටන් චේස් 14/2

advertistmentadvertistment
advertistmentadvertistment