විස්සයි විස්ස අස්සේ වැරදි වුණා ද – හොයන්න ඇමැතිගෙන් කමිටුවක්

68

පන්දු වාර 20 – 20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගිත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා හා යෞවන ඇමැති අමාත්‍ය රණසිංහ මහතා පියවර ගෙන තිබේ.

2022.10.16 වන දින සිට 2022.11.13 වන දින දක්වා ඔස්ටේ්‍රලියාවේ පැවැත් වූ එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගිත්වය සහ මීට අදාළ සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(3) වගන්තිය ප්‍රකාරව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් එම විමර්ශන කමිටුවක් පත් කර තිබේ.

එහි සභාපතිත්වය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ද සාමාජිකයන් ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතා, විශ්‍රාමික රියාද් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා, හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන්ද අල්විස් මහතා, නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු මහත්මිය යන අය පත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment