විස්සයි විස්ස පළමු ජය ශ්‍රී ලංකාවට

233

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ රාත්‍රියේ දී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කඩුලු තුනක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය.කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 143ක් ලබා ගත්තේය.ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 144ක් ලබා ජය තහවුරු කර ගැනීමට සමත් විය.ඇන්ජලෝ මැතිව්ස් 46, දසුන් ෂානක නොදැවී 26යි.

advertistmentadvertistment
advertistmentadvertistment