විස්සයි විස්ස ලෝක කුසලානයේදී මහේලට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ උපදේශක ධුරයක්..?

243

එළැඹෙන පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ උපදේශකයකු ලෙස හිටපු නායක මහේල ජයවර්ධන පත් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. එ් අනුව එ් සඳහා සලකා බලන මෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් කි‍්‍රකට් කමිටුවෙන් ඉල්ලීමක් කර ඇති බවට ‘දිවයින’ට වාර්තා වේ.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායම් කිහිපයක්ම සිය කණ්ඩායමේ උපදේශකයන් ලෙස ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් පත් කර ගැනීම සිදුකර තිබේ. එ් අනුව ඉන්දීය කණ්ඩායම මහේන්ද්‍ර සිං දෝනි සිය කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පත්කර ඇති අතර දකුණු අපි‍්‍රකාව ජේ. පී. ඩුමිනිව සිය උපදේශකවරයා ලෙස පත්කර තිබේ. මීට අමතරව පාකිස්තානය පුහුණු උපදේශකවරුන් දෙදෙනකු පත් කර ඇති අතර ඔවුන් එහිදී හිටපු ඔස්ටේ‍්‍රලියානු පිතිකරු මැතිව් හේඞ්න් සහ දකුණු අපි‍්‍රකානු වේගපන්දු යවන කී‍්‍රඩක වර්නන් පිලන්ඩර් සිය කණ්ඩායමේ පුහුණු උපදේශකයින් ලෙස පත්කර තිබේ.

මහේල ජයවර්ධන ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර එ් අනුව නිමාවට පත්වූ තරගාවලි අවස්ථා 3කදී ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ ශූරතාව දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හැකියාව ලැබිණි. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන යටතේ සහභාගි වූ විස්සයි විස්ස තරග 55කදී ජයග‍්‍රහණ 37ක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්ව වී තිබේ. මහේල එම තරග 55දී අර්ධ ශතක 9ක් සහ එක් ශතකයක් සමගින් සමස්ත ලකුණු 1493ක් රැස් කිරීමට සමත්වී තිබේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment