විස්සයි විස්ස ලෝක කුසලානට ශී‍්‍ර ලංකා අවසන් සංචිතය නම් කරයි

842

ලහිරු මධුසංක, කමිඳු මෙන්ඩිස්, ප‍්‍රවීන් ජයවික‍්‍රම සහ නුවන් ප‍්‍රදීප් ඉවතට

2021 විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා සහභාගි වන ශී‍්‍ර ලංකා සංචිතය ඊයේ (10 වැනිදා) ප‍්‍රකාශයට පත් කෙරුණි. ඒ අනුව වෙනස් කම් හතරක් සමගින් දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා සංචිතයට කී‍්‍රඩකයින් 15 දෙනකු ඇතුළත් සිටී.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා කී‍්‍රඩ කරන කණ්ඩායම්වල සංචිත තේරීම ඊයේ දිනයෙන් අවසන් කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පියවරගෙන තිබිණි. ඒ අනුව නම් කළ ශී‍්‍ර ලංකා අනුව අවසන් සංචිතයට අනුව ලෝක කුසලාන කණ්ඩායමේ වෙනස්කම් 4ක් සිදු කර තිබේ. පසුගිය සැප්තැම්බර් 12 වැනිදා නම් කරන ලද සංචිතයේ සිටි ලහිරු මධුසංක, කමිඳු මෙන්ඩිස්, ප‍්‍රවීන් ජයවික‍්‍රම සහ නුවන් ප‍්‍රදීප් ආබාධයන් හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර තිබේ. ඒ අනුව ඒ වෙනුවට බිනුර ප‍්‍රනාන්දු, පැතුම් නිස්සංක, අකිල දනංජය සහ ලහිරු කුමාර යන ක‍්‍රීඩකයින් ශ‍්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කර තිබේ.

ඕමානය සමඟ පැවති පුහුණු තරග දෙකෙන් පසුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ වෙනස්කම් 4 සිදු කිරීමට පියවර ගෙන තිබෙන අතර දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මේ කණ්ඩායමේ උපනායකත්වය ධනංජය ද සිල්වා වෙත ලබා දී තිබෙන අතර කඩුලූ රකින කී‍්‍රඩකයින් ලෙස දිනේෂ් චන්දිමාල් සහ කුසල් පෙරේරාද සංචිතයට ඇතුළත්ව තිබේ.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඕමානයේදී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ලබන 17 වැනිදා සහ නොවැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වේ. තරගාවලියේ පළමු වටය සඳහා ශී‍්‍ර ලංකාව මෙවර තරග වැදීමට නියමිතව ඇති අතර ඒ අනුව ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරගය ලබන 18 වැනිදා නැමීබියාව සමගින් පැවැත්වේ.

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන ශ‍්‍රී ලංකා අවසන් සංචිතය: දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කුසල් පෙරේරා, අවිශ්ක ප‍්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, පැතුම් නිස්සංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර, බිනුර ප‍්‍රනාන්දු, අකිල දනංජය

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment