විස්සයි විස්ස ලෝක කුසලානය අබියස පාකිස්තානය අර්බුදයක

283

පාකිස්තාන කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන මිස්බා උල්හක් සහ වේග පන්දු පුහුණුකරු වකර් යුනිස් එම ධුරවලින් ඉල්ලා අස් වී තිබේ. එරට කි‍්‍රකට් ආයතනය ඊයේ (06 වැනිදා* මේ බව නිවේදනය කර සිටියේය.

එළඹෙන නවසීලන්ත සංචාරය සහ එංගලන්ත සංචාරයට මෙන්ම විස්සයි විස්ස ලෝක කුසාලන තරගාවලිය සඳහා කණ්ඩායම නම් කිරීමෙන් අනතුරුව ඔවුන් මෙම ධුරවලින් අස්වීම පිළිබඳ දැනුම් දී ඇති බව පාකිස්තාන කි‍්‍රකට් ආයතනය වැඩිදුරටත් කියා සිටී.

පසුගිය 2019 වසරේදී මිස්බා සහ වකාර් අදාළ ධුර සඳහා පක්කළ අතර ඔවුන්ගේ

කොන්ත‍්‍රාත් කාලය ඉදිරි වසරක කාලය දක්වා වලංගු වී තිබිණි.

පවතින කොරෝනා වසංගත තත්ත්වය මත තමාගේ පවුල සමගින් ජෛව ආරක්ෂිත පරිසරයක් සිටිය යුතු හෙයින් තමන් මෙම තීරණය ගත් බවට මිස්බා එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප‍්‍රකාශ කර තිබේ. මිස්බා සමග එක්වී තමන්ද මෙම ධුරයේ වැඩ කටයුතු කළ හෙයින් ඉවත් වනවා නම් දෙදෙනාම එකට ඉවත්විය යුතු බව තමාගේ අදහස යයි ඉවත්වීමට හේතු දක්වමින් වකාර් යුනිස් පවසා තිබේ.

කෙසේ වෙත්ත මේ වනවිට සක්ලීන් මුෂ්ටාක් සහ අබ්දුල් රසාක් තාවකාලින පුහුණුකරුවන් ලෙස පත් කිරීමට පාකිස්තාන කි‍්‍රකට් ආයතනය පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment