විස්සයි විස්ස ලෝක ශූරතාව සොයා  සිංහයෝ කැනගරු දේශයට පිටත් වෙති

235

ඔස්ටේ්‍රලියාවේ පැවැත්වෙන 2022 ලෝක ශූරතා විස්සයි, විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (02 වැනිදා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

විස්සයි විස්ස ලෝක ශූරතාව සොයා  සිංහයෝ කැනගරු දේශයට පිටත් වෙති

29 දෙනකුගෙන් යුතු මෙම කණ්ඩායමට ක්‍රීඩකයන් 17 දෙනකු සහ නිලධාරීන් 12 දෙනකු ඇතුළත් වී සිටි අතර ප්‍රධාන පුහුණුකරු, සහාය පුහුණුකරුවන්, කළමනාකරු, වේග පන්දු පුහුණුකරු, දඟ පන්දු පුහුණුකරු, භෞතචිකිත්සක සහ වෛද්‍යවරුන්ද එම කණ්ඩායමට ඇතුළත් වී සිටියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අලුයම 03.30 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ. කේ.- 649 දරන ගුවන් යානයෙන් පළමුවෙන්ම ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය අතර අනතුරුව ඩුබායි සිට ඍජු ගුවන් ගමනක නිරත වෙමින් ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර වෙත ළඟා වීමට නියමිතය.

කටුනායක ටී.කේ.ජී. කපිල
 

advertistmentadvertistment
advertistmentadvertistment