විස්සයි විස්ස ලෝක ශූරයෝ පරදිති

791

විස්සයි විස්ස ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද පැවැති දකුණු අප්‍රිකා කණ්ඩායම හමුවේ පරාජයට පත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා කණ්ඩායම කළ ආරාධනයෙන් පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු වාර 20 තුළදී කඩුලු 8ක් දැවී රැස්කළේ ලකුණු 143 ක් පමණි.පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 02කදී කඩුලු 2ක් දැවී ලකුණු 144ක් ලබා සිය ජයග‍්‍රහණය තහවුරු කරගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment