විස්සයි-20 ලෝක කුසලානය පරාජයකින් අරඹයි

683

මෙවර විසිසයි 20 ලෝක කුසලානය වෙනුවෙන් නෙදර්ලන්තය සමග පැවැත්වුණු පළමු පුහුණු තරගයෙන් ලකුණු 20ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

අමෙරිකාවේ ෆ්ලෝරිඩා හිදි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුහු නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවි ලකුණු 181ක් රැස්කර ගත්හ.

ලකුණු 182ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5කදී සියලුදෙනා දැවි රැස්කරගත හැකි වූයේ ලකුණු 161ක් පමණි.

ශ්‍රී ලංකා මුල් පෙළ පිිතකරුවන් අසාර්ථක වෙද්දි වනිඳු හසරංග පන්දු 15කින් ලකුණු 43ක් රැස්කිරීමට සමත්වු අතර දසුන් ශානක ලකුණු පන්දු 20කදී නොදැවි ලකුණු 35ක් ද ධනංජය ද සිල්වා ලකුණු 31ක් රැස්කරනු ලැබීය.

කෙසේවෙතත් මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් වන වනිඳු හසරංග, මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ පන්දු යැවීමෙන් වැළකිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරගය මැයි 31 වැනිදා අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment