විසිකෝටි පනස් ලක්‍ෂයක රත්‍රං  කටුනායකින් පන්නන්න හැදූ  ගුවන් මගියා හා සේවිකාව අත්අඩංගුවට

404

රුපියල් විසිකෝටි පනස් ලක්ෂයක් වටිනා (රුපියල් මිලියන 205 ක්) කිලෝග්‍රෑම් 09 යි ග්රැම් 500 ක් බරැති රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත්කළ ගුවන් මගියෙකු සහ ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (17 දා) උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ගුවන් මගියෙකි. ඊයේ උදෑසන 08.35 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් මගියා තම ගමන් මලු තුළත්, ගුවන් තොටුපළ සේවිකාව තම අත් බෑගයේත් ග්‍රෑම් 116.6 ක බරකින් යුතු රන් බිස්කට් 80 ක් සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට යෑමට උත්සාහ කිරීමේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට මොවුන් දෙදෙනා අත්අඩංගුවේ තබා ගෙන ගුවන් තොටුපළ රේගු නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

ප්‍රභාත් විතාන, කටුනායක – ටී. කේ. ජී. කපිල
 

advertistmentadvertistment
advertistmentadvertistment