විසිතුරු මසුන් අල්ලන්නට ගිය – එක්දරු පියා දෙහිවල මුහුදේදී කිඹුලෙකුට බිලි

803

දෙහිවල මුහුදේ කිමිදෙමින් සිටි විසිතුරු මසුන් අල්ලන්නෙකු ඊයේ (03දා) උදෑසන කිඹුලකුගේ ගොදුරක් බවට පත්ව ජීවිතක්ෂයට පත්ව ඇතැයි දෙහිවල පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මලානේ පදිංචිව සිටි පනස් තුන් හැවිරිදි ජයන්ත පීරිස් නමැති විවාහක එක්දරු පියෙකි.

රැුකියාව ලෙස විසිතුරු මසුන් අල්ලා වෙළඳාම් කරන මෙම පුද්ගලයා ඊයේ උදෑසන 8 ට පමණ විසිතුරු මසුන් ඇල්ලීමට මුහුදේ කිමිදෙමින් සිට ඇති අතර එම අවස්ථාවේ දී අඩි 14 ක් පමණ දිග කිඹුලකු මොහු ඩැහැගෙන යන ආකාරය ධීවරයන් පිරිසක් දැක ඇත. ඔවුන් එම පුද්ගලයා බේරා ගැනීමට උත්සාහ කර ඇතත් පපු ප‍්‍රදේශයට දැඩි ලෙස හානි වී තිබූ ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය පුද්ගලයාගේ දේහය මේ වන විට කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.

දෙහිවල – බී. ගෝමස්
 

advertistmentadvertistment
advertistmentadvertistment