විසුරුවා තිබූ වසර තුනේ ඌව පළාත් සභාවට 961ක් බඳවා ගෙන

240

පළාත් සභා විසුරුවා හැර තිබූ ඉකුත් වසර තුනහමාරක පමණ කාලයේ දී ඌව පළාත් සභාව මගින් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති පාසල් ඇතුළු විවිධ අංශ සඳහා 961 දෙනකු බඳවාගෙන ඇත.

රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලබා නොගෙන මෙම පත්වීම් ලබාදීම නිසා ඉදිරි විසි වසර තුළ කිසිවකු බඳවාගත නොහැකි ලෙස සේවක කාර්ය මණ්ඩල පිරී ඇතැයි රාජ්‍ය විගණනයේදී හෙළිවී තිබේ.

මෙම පිරිසෙන් කොටසක් III වන ශ්‍රේණියට බඳවාගත යුතුව තිබියදී II වන ශ්‍රේණියේ වැටුප් තල මත බඳවා ගැනීම නිසා ඉකුත් වසර තුනහමාරේ දී වැටුප් සඳහා වැඩිපුර රුපියල් කෝටි 13 ක් (මිලියන 132) ගෙවීමට සිදුව ඇතැයි ද විගණනයේදී හෙළි වී ඇත.

රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ නොසලකා හරිමින් මෙම පත්වීම් ලබාදී ඇත්තේ දේශපාලන අවශ්‍යතා මත යැයිද හෙළි වී තිබේ. ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරිය විශ්‍රාම ගොස් වසර තුනහමාරක් ගතව තිබිය දී දේශපාලන අවශ්‍යතා මත යළිත් ඇය කොන්ත්‍රාත් පදනම යටතේ සේවයට බඳවාගෙන ඇත. මෙනිසා අලුත් අයකුට එම තනතුරට පත්වීමේ ඉඩකඩ ද වසර තුනක් තිස්සේ අහිමි කර ඇතැයි ඌව පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දිවයිනට පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment