විස සහල් ගැන පරීක්ෂණයක්

392

ආහාරවල ඇති බැර ලෝහ මනිනු ලබන්නේ දස ලක්ෂයකට පංගුවක් බැගින් බවත් සියයට ගණන් වලින් මනින ක්‍රමයක් ලොව කොහේවත් නැතැයි පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ වැඩ බලන පළිබෝධනාශක රෙජිස්ටාර් ලසන්ත රත්නවීර මහතා පවසයි.එබැවින් ආනයනික සහල් වල විස සහිත බවට පළවන පුවත්පත් හි සත්‍යතාවයක් නැතැයි ඒ මහතා සඳහන් කරයි.2017 වසරේ දී මහනුවර ප්‍රදේශයේ සහල් සාම්පල 68ක් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයකදී බැර ලෝහ තිබූ බව හෙළි වූ බව පවසන ඒ මහතා එම තොරතුරු වැරදි ලෙස භාවිතා කරමින් 2022 වසරේ ආනයනික සහල් ගැන වැරදි මතයක් ගොඩනැගීම පිලිගත නොහැකි බවද සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි කරන බව ද ඒ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment