විහඟ ප්‍රේමය ෂූටින් කළේ කොරෝනා මැද්දේ

314

මංගල දර්ශනය  ඔක්. 29 වැනිදා ජපානයේදී…
ප්‍රදර්ශනයේ  උග්‍ර මාෆියාව වහා අවසන් කළ යුතුයි….
ටෝකියෝ ගිය විඟග ප්‍රේමය ගැන අධ්‍යක්ෂ සංජීව කතා කරයි
….


සංජීව පුෂ්පකුමාර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ “විහඟ ප්‍රේමය” හෙවත් Peacock Lament සිනමාපටය 35 වන ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේ තරඟකාරි අංශයට (Lorenzo Acquaviva) තේරි පත් වී තිබේ.

සබීතා පෙරේරා” අකලංක ප්‍රභාෂ්වර” ඩිනාරා පුංචි හේවා” මහේන්ද්‍ර පෙරේරා” අමිත්ත වීරසිංහ” යශෝධා රසඳුනි” ඩිස්නි රාජපක්ෂ සහ ප්‍රකට ඉතාලි ජාතික රංගන ශිල්පී ලෝරන්ස්සෝ අක්කුවිවා (Lorenzo Acquaviva)  ඇතුළු පිරිසක් සිනමාපටය සඳහා රංගනයෙන් දායක වී ඇත. විහඟ ප්‍රේමය චිත්‍රපටය ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර සිදුකෙරුණු ප්‍රථම නිල චිත්‍රපට නිෂ්පාදනයයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් සංජීව පුෂ්පකුමාර සහ අමිල් අබේසුන්දර නිෂ්පාදකයින් ලෙස කටයුතු කරන අතර ඉතාලිය වෙනුවෙන් ෆිල්ග්‍රිම්ස් නිෂ්පාදන සමාගම වෙනුවෙන් ආන්ද්‍රයො මැග්නානි  (Andrea Magnani)  සහ කියාරා බාබෝ (Chiara Barbo) කටයුතු කරයි. සම නිෂ්පාදනයෙන් සුරංග හඳපාන්ගොඩ” යුගන්ති යශෝදරා සහ සංගීතා නිල්නදී ගොඩගම කටයුතු කරයි.

විහඟ ප්‍රේමය ෂූටින් කළේ කොරෝනා මැද්දේ

“විහඟ ප්‍රේමය” චිත්‍රපටයේ කැමරාකරණය සිසිකිරණ පරණවිතාන සිදුකළ අතර සංස්කරණය ඉතාලි ජාතික ගුසෙපේ ලියොනති සහ අජිත් රාමනායක විසින් සිදුකර තිබේ. සංගීතය ඉතාලි ජාතික ක්‍රිස්ටියන් කාර්රාරා නිර්මාණය කර තිබෙන මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන්ද අජන්ත අලහකෝන් ඇඳුම් නිර්මාණයෙන්ද දායක වී තිබේ. ශබ්ද සංකලනය ඉතාලි ජාතික එරික් නාර්දීන් සිදු කරන ලදී. ශබ්ද පටිගත කිරීම සහ සංස්කරණය ලාල් දිසානායක සහ නන්දා ජයකොඩි විසිනි.

ටොකියෝ සිනමා උළෙල ලොව ප්‍රධානතම ශ්‍රේණිගත සිනමා උළෙලක් වන අතර සිනමා උළෙල එළැඹෙන ඔක්කෝම්බර් 22 වැනිදා සිට නොවැම්බර් 02 වැනිදා දක්වා ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වේ. ඔක්තෝම්බර් 29 වැනිදා විහඟ ප්‍රේමය චිත්‍රපටයේ මංගල දර්ශනය ද පැවැත්වේ. පසුව ඔක්තෝම්බර් 31 වැනිදා සහ නොවැම්බර් 01 වැනිදා ද විශේෂ දර්ශන දෙකක් පැවැත්වේ. විහඟ ප්‍රේමය මෙරට සිදුවන බිළිඳු දරුවන් විදේශිකයින්ට අලෙවි කිරීමේ ජාවාරම පදනම් කර ගනිමින් නිර්මාණය වූ චිත්‍රපටයකි.

ඊශ්‍රාලයේ පිහිටි ඇන්ටිපෝඩ්  (ANTIPODE) ආයතනය විහඟ ප්‍රේමය සිනමාපටය ලෝකය බෙදාහැරීම් සහ අලෙවි කටයුතු භාර නියෝජිත ආයතනය (Sales & Distribution Agent)  ලෙස කටයුතු කරනු ලබයි.

“විහඟ ප්‍රේමය” හෙවත් Peacock Lament සිනමාපටය 35 වන ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේ තරඟකාරි අංශයට තේරීම පිළිබඳව එහි අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර මීවිත සමග මෙලෙස පැවසුවා.

විහඟ ප්‍රේමය ෂූටින් කළේ කොරෝනා මැද්දේ
විහඟ ප්‍රේමය ෂූටින් කළේ කොරෝනා මැද්දේ
විහඟ ප්‍රේමය ෂූටින් කළේ කොරෝනා මැද්දේ
විහඟ ප්‍රේමය ෂූටින් කළේ කොරෝනා මැද්දේ

ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙල අපි බොහෝ අය දන්න විදිහට ලෝකයේ තිබෙන ප්‍රධාන සිනමා උළෙල කිහිපයකින් එකක්. එවන් සිනමා උළෙලක ප්‍රධාන තරඟකාරි (Mian Competition) අංශයට මම නිර්මාණය කළ විහඟ ප්‍රේමය සිනමා කෘතිය (Peacock Lament)  තෝරා ගැනීම පිළිබඳ විශාල සතුටක් තියෙනවා. මගේ ඉගිල්ලෙන මාළුවෝ” දැවෙන විහඟුන්” ආසු කියන සියළුම සිනමා කෘති ටෝකියෝ නුවර ප්‍රදර්ශනය කරල තියෙනවා.

චිත්‍රපටය පසුගිය 2021 වසරේ අග භාගයේදී තමයි රූගත කිරීම් සිදුකළේ. රටේ පැවතුණ වසංගත තත්වය එක්ක එක් දුෂ්කර කාලයක්.

විශේෂයෙන් සබීතා පෙරේරා මහත්මිය මෙහි ප්‍රධාන චරිතයක් නිරූපනය කරනවා. ඇය වසර ගණනවකින් පසුව තමයි සිනමා කෘතියකට සම්බන්ධවෙන්නේ. ඇය මගේ පාසල් කාලයේ වීරවරියක්. ඒ වගේමයි මහේන්න්ද්‍ර පෙරේරා. ඉතාලියේ සිටින ප්‍රකට නළුවෙකු වන ලෝරන්සෝ අක්කුවීවා සමග වැඩ කිරීම සුවිශේෂයි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අකලංක ප්‍රභාෂ්වර සහ ඩිනාරා පුංචිහේවා අපේ සිනමාවට හොඳ ආයෝජනයන් වේවි. විශේෂයෙන් මගේ කැමරාශිල්පී සිසිකිරණ පරණවිතාන. මෙය ඔහුගේ මුල්ම චිත්‍රපටය. එහෙත් ඔහු අත්දැකීම් සහිත කැමරා ශිල්පියෙකු මෙන් ඉතා හොඳින් සිය කටයුත්ත ඉටුකළා.

මේ චිත්‍රපටයේ සියළුම පසු නිෂ්පාදන කටයුතු සිදු කළේ ඉතාලියානු ශිල්පීන්. එය හොඳ අවස්ථාවක් සිනමා කෘතියේ ගුණාත්මකබව වර්ධනය කරගැනීම් සඳහා. අවස්ථාව ලැබෙන ඕනෑම අවස්ථාවක චිත්‍රපටය ප්‍රදර්ශන කිරීමට කැමැතියි. එහෙත්  අපගේ ප්‍රදර්ශන ක්‍රමවේදයේ ගැටළු වහා විසඳිය යුතුයි. ප්‍රදර්ශන ක්‍රමයේ පවතින උග්‍ර මාෆියාව වහා අවසන් කළ යුතුයි.

චිත්‍රපටයේ දේශීය නිෂ්පාදකයින් වන අමිල් අබේසුන්දර” සුරංග  හඳපාන්ගොඩ සහ යුගන්ති යශෝදරාට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඔවුන් විශාල අවධානමක දැරුවේ. ඒ වගේම මහජන බැංකුව මා වෙත දැක්වූ සුවිශාල සහයෝගයට ස්තූතිවන්ත වෙනවා.

● නිරෝෂන්

advertistmentadvertistment
advertistmentadvertistment