විහිළුවේ… තල්ලුව දුරදිග ගොස් පස්දරු පියා මියගිහින්

958

අනතුර සිදුවූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදා ඇති අයුරු….

වයෝවෘද්ධ පුද්ගලයකු සහ තරුණයකු අතර ඇතිවූ විහිළුවක් දුරදිග යෑමෙන් සිදුවූ තල්ලූ කිරීමකින් පස්දරු පියෙකු මියගොස් ඇතැයි එගොඩ උයන පොලිසිය කියයි.

මෝදර, එගොඩඋයන 308/2, ලිපිනයේ පදිංචිව සිටි ටී. ඩිල්මන් පීරිස් නමැති ධීවරයකු මෙහිදී මියගොස් ඇතැයි පොලිසිය කීය.

71 හැවිරිදි වියේ පසු වූ මියගිය තැනැත්තාට වරාය මාවතේදී තරුණයකු විහිළු කර ඇති අතර එය බහින් බස් වීමක් දක්වා දුරදිග ගොස් තිබේ. පසුව තරුණයා පිටව ගොස් නැවත පැමිණ ඔහුව තල්ලූකිරීමේදී හිස කාණුවක ගැටී තිබේ.

විහිළුවේ... තල්ලුව දුරදිග ගොස්  පස්දරු පියා මියගිහින්
මියගොස් ඇති ටී. ඩිල්මන් පීරිස් මහතා

බරපතළ තුවාල සහිතව ත‍්‍රිරෝද රථයකින් පානදුර මූලික රෝහල කරා රැුගෙන යෑමේදී මියගොස් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇතැයි පොලිසිය කීය.

සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර මොරටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

එගොඩඋයන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment