වීණාව වයා එඩ්වඩ් ගුත්තිල සමග තිරයට

730

ජුනි 01 සිට දිවයින පුරා සිනමාහල්වල

ප්‍රවීණ ගායන ශිල්පි එඩ්වඩ් ජයකොඩි ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් සිනමා රංගනවේදියෙකු ලෙසින් දොරට වඩින, සනත් අබේසේකරගේ ‘ගුත්තිල’ සිනමා පටය එළැඹෙන ජුනි 01 වැනිදා සිට ඊ.ඒ.පී. සිනමා ප්‍රදර්ශන මණ්ඩලයේ බෙදාහැරීමක් ලෙසින් දිවයින පුරා තිරගත වීමට නියමිතව ඇත.

විශාරද එඩ්වඩ් ජයකොඩි, අංගාරා ගඟ ගලා බසී, මාවතේ අපි, සෙක්කුව, නරිබෑණා, ගජමන් පුවත, ස්පාටකස්, ඊඩිපස් වැනි වේදිකා නාට්‍ය රැසක රඟපෑ ප්‍රවීණ වේදිකා නාට්‍ය රංගන ශිල්පියකු වන අතර, 1977 වසරේ යොවුන් නාට්‍ය උළෙලේදී ‘මුහන්දිරම් හාමුදුරුවෝ’ වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම සහය න`ඵවාට හිමි සම්මානයට හිමිකම් පෑ ඔහුගේ ප්‍රථම සිනමා රංගනයයි ‘ගුත්තිල.’

වීණාව වයා එඩ්වඩ් ගුත්තිල සමග තිරයට

සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායෙහි ජාතක දේශනාවේ එන ගුත්තිල ජාතක කතාව පදනම් කර ගනිමින්, පූජ්‍ය වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍ය කෘතිය ඇසුරින් නිර්මාණය වූ ගුත්තිල සිනමා පටය දිග හැරෙන්නේ එකල බරණැස් පුරවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයේ බෝධිසත්වයන් වහන්සේ ගාන්ධර්ව විද්වත් කුලයක ඉපදී ගාන්ධර්ව නම් ශිල්පය නිමවා ගුත්තිල නමින් මු`ඵ දඹදිව පුරා ප්‍රකටව, බ්‍රහ්මදත්ත රජුගේ රජ වාසලේ ප්‍රධාන ගාන්ධර්වයා ලෙසද පත්විය.

මේ අවදියේ බරණැස සිට වෙළඳාමේ පැමිණි වෙළඳුන් පිරිසකට උදේනි පුරවරදී සංගීත රස විඳීමේ අවැසියාව මත එපුර විසූ ප්‍රධාන ගාන්ධර්වයා වූ මූසිල මුණගැසිණ. ඔහුගේ වීණා වාදනයෙන් බරණැස වෙළඳුන් සතුටට පත්වූයේ නැත. මූසිලගේ දුර්වල වීණා වාදනයට වෙළඳුන් උසුඵ විසුඵ කරන්නට විය. එයින් කෝපයට පත් මූසිල, තමාට වඩා දක්ෂ වීණා වයන්නෙකු කොතැනක හෝ දැක තිබේදැයි වෙළඳුන්ගෙන් විමසූ කල, ඔවුන් බරණැස වෙසෙන ගුත්තිල ඇදුරු පිළිබඳවත්, ඔහුගේ වාදන හැකියාව පිළිබඳවත් තතු පවසන කල, ඔහු හමුවට තමාව රැගෙන යන ලෙස වෙළඳ පිරිසගෙන් මූසිල අයැදියි.

වීණාව වයා එඩ්වඩ් ගුත්තිල සමග තිරයට

ඒ අනුව, බරණැස ගුත්තිල ඇදුරු හමුවට යන මූසිල තමාට වීණා වාදනය උගන්වන ලෙස අයැද සිටියි. ටික දිනක් ගතවෙන තුරු ඒ පිළිබඳව ගුත්තිල ඇදුරු උත්සුක නොවු කල, ඔහුගේ අන්ධ දෙමව්පියන් වෙත ඇප උපස්ථාන කිරීමට යොමුවන මූසිල, ඔවුනගේ සිත් දිනාගනී. දෙමව්පියන්ගේ ඉල්ලීම මත, මූසිලට වීණා වාදනය උගැන්වීමට ගුත්තිල ඇදුරු කටයුතු කරයි.

කලක් ගතවන විට මූසිල ගීත ගායනයෙත්, වීණා වාදනයෙත් අති දක්ෂයකු විය. ඉන්පසු ඔහුට අවශ්‍ය වූයේ ගුත්තිල ඇදුරු මෙන් බරණැසම කාලය ගෙවමින් රජුගේ ප්‍රධාන ගාන්ධර්වයා වීමටයි. ඒ සඳහා රජු නැඹුරු කර ගැනීමට විවිධ උපක්‍රම යෙදීය. එසේ නොවූ කල, තමා ගුත්තල මෙන්ම දක්ෂයෙකු වන බැවින්, ගුත්තලට ගෙවන වේතනයම ඉල්ලා සිටීය. රජු එයට අකැමැති වූ කල, තමාගේ හැකියාව පෙන්වීමට ගුත්තිල ඇදුරු හා වීණා වාදයකට රජුගේ අවසර පැතීය.

එඩ්වඩ් ජයකොඩිට අමතරව ‘ගුත්තිල’ රංගනයෙන් හැඩ කරන්නේ අකිල ධනුද්ධර ඇන්තනි, චුලක්ෂි රණතුංග, යශෝධා විමලධර්ම, වීණා ජයකොඩි, ශ්‍රීමාල් වෙඩිසිංහ, සතිස්චන්ද්‍ර එදිරිසිංහ,

අයිරාංගනී සේරසිංහ, නදිකා ගුණසේකර, සනත් ගුණතිලක, ගිරිරාජ් කෞෂල්‍ය, අමිල කරුණානායක, හේමන්ත ඊරියගම, අනුර බණ්ඩාර රාජගුරු, සරත් චන්ද්‍රසිරි, මහින්ද පතිරගේ, පූජනී භාග්‍යා ඇතු`ඵ පිරිසකි.

තිස්ස නාගොඩවිතානගේ අධීක්‍ෂණය යටතේ, හරේන් නාගොඩවිතාන සමගින් දිලිනි සිල්වා නිෂ්පාදනය කළ ‘ගුත්තිල’ දෙබස් තිර රචනය සහ අධ්‍යක්‍ෂණය සනත් අබේසේකර ගෙනි. සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්‍ෂණයෙන් ද, ආනන්ද එස්. කපුගේ සහය අධ්‍යක්‍ෂණයෙන් ද, ධම්මික හේවාදුවත්ත පසුතල නිර්මාණයෙන් හා කලා අධ්‍යක්‍ෂණයෙන් ද, අංග රචනයෙන් තරංග රුක්මල්වල ද, සංගීත අධ්‍යක්‍ෂණයෙන් දිනේෂ් සුභසිංහ ද, ගීත ගායනයෙන් විශාරද එඩ්වඩ් ජයකොඩි සමගින් අඛිල ධනුද්ධර ද, ගේය කාව්‍ය රචනයෙන් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේ හා මහාචාර්ය සුනිල් ආරියරත්න ද, ඇඳුම් නිර්මාණයෙන් රමේෂා ඕෂිණි, නිෂ්පාදන කළමණාකරණයෙන් විරංග විශ්ව රණසිංහ, ශබ්ද පරිපාලන, සංස්කරණය හා වර්ණ සංයෝජනයෙන් ප්‍රවීන් ජයරත්න ද, නර්තන නිර්මාණයෙන් චන්දන වික්‍රමසිංහ සමඟින් චන්න විජේවර්ධන ද, සටන් අධ්‍යක්‍ෂණයෙන් සුමුදු අමල්ක ද, විධායක නිෂ්පාදනයෙන් රොෂාන් සංජේ හේරත් ද එක්ව ඇති ‘ගුත්තිල’ තිස්ස නාගොඩවිතාන ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.

● ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment