වීදි පහන් නිවා දමන්න විදුලිය පිරිමහන්න – ඇමැති බැසිල්ගෙන් යෝජනාවක්

137

විදුලිය පිරිමැසීමට මෙම මස 31 වනදා දක්වා සියලූ වීදි ලාම්පු අක‍්‍රිය කර තබන ලෙස මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා සියලූ පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්ට දන්වා ඇත.

විදුලිය ඉතිරිකිරීමට ක‍්‍රියාත්මක කළ හැකි විකල්ප ක‍්‍රමවේද වේනම් එයද ක‍්‍රියාවට නංවා තමාට දන්වන ලෙස ලිපියක් මගින් දන්වා ඇති මුදල් ඇමැතිවරයා මෙම ජාතික යුතුකම ඉටුකිරීමට සියලූ පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්ගේ සෘජු මැදිහත්වීම අපේක්‍ෂා කරන බවද එහි සඳහන් වේ.

ජලවිදුලි බලාගාර, පවතින වැසි රහිත කාලගුණය තත්ත්වය හේතුවෙන් මුළුමනින්ම අක‍්‍රිය තත්වයට පත්වීමත් එම අඩුව පිරවීමට ඞීසල් හා දැවි තෙල් මගින් විදුලිය නිෂ්පාදනය කිරීමේදී ඉහළ පිරිවැයක් දැරීමට සිදුව ඇති නමුත් ඩොලර් සංචිත සීමා සහිත මට්ටමක පැවතීමෙන් තත්ත්වය වඩාත් සංකීර්ණ වී ඇති බවත් දන්වා ඇත.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment