වීදුරුකටු ඉවත් කරන්න බැනියමෙන් අරක්කු පෙරලා

373

පතිරාජ තරමක් මත්පැන් වලට ඇබ්බැහි වූ අයෙකි. තරමක් කියා කීවේ හැමදාම සවසට කාලක් කි‍්‍රයා කරන බැවිනි.

 මේ කියන දිනයේත් කොහොම කොහොම හරි රුපියල් හාරසිය පනහක් සොයාගත් පතිරාජ යතුරුපැදියක් ද මිතුරකුගෙන් ඉල්ලාගෙන කෙළින්ම  ගියේ කාලක් මිලදී  ගන්නටය.

 අතේ තිබුණේ ඒ මුදල පමණකි.

 ‘‘මට කාලක් දෙන්න’’ කාල මිලදී ගත් ඔහු කලිසම් සාක්කුවේ දමාගෙන නිවසට  ගියේය.

 අඳුරු තැනක සිට මූඩිය ගලවා දැමුවත් ගැලවී ගියේ කාලේ කුප්පියේ කටය.

 පතිරාජට තරු විසි විය. අරක්කු කාලේ කුප්පියේ වීදුරු කෑලි සෙලවේ. ඔහු ප්ලාස්ටික් බෝතලයකට අරක්කු ටික දමා බිඳීගිය කුප්පිය ද රැුගෙන කෙලින්ම ගියේ බාර් එකටය.

 ‘‘ ඕක ආපහු ගන්න බෑ. කරන්න දෙයක් නෑ. යන්න යන්න මහත්තයා’’ බාර් එකේ කොල්ලා කීවේ ඒ ටිකයි.

 යළි නිවසට ආ පතිරාජ ඇද සිටි බැනියම ගලවා අරක්කු ටික පෙරා වීදුරුවකට වක් කළේ වීදුරු කෑලි වෙන්කර ගැනීමටය.

 ‘‘මොනවද ඕයි කරන්නේ.’’ මෙය දුටු බිරිඳ ඇසුවේ කේන්තියෙනි. මම පෙරපු අරක්කු පෙරනවා පතිරාජ කීවේ වෙච්ච දේ ගැන කේන්තියෙනි. අන්තිමට අරක්කු කාලෙන් භාගයක්ම බැනියමට උරා තිබෙනු දැක පතිරාජට කරගත් මෝඩකම ගැන දුක සිතිනි.

 පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment