වීරකැටියේ ප‍්‍රසාද්ගේ ඡායාරූපය ලෝකයේම පළමු තැනට

382

2022 Sony world Photography තරගාවලියේ සම්මානලාභී ශ‍්‍රී ලාංකික ජායාරූප ශිල්පියා වූයේ අමල් ප‍්‍රසාද්ය. වීරකැටිය රාජපක්ෂ විද්‍යාලයෙන් සිප්සතර ලබා වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙස රැකියාවේ නිරතවෙන අතර ඔහු විනෝදාංශයක් ලෙස ජායාරූපකරණයේ නිරතවෙයි. අමල්ට කුඩා කලසිටම තිබූ ජායාරූප ගැනීමේ ආසාව අද වන විට ඔහු ජයග‍්‍රහණයක් බවට පත් කරගෙන අවසන්ය. 2021 වසරේදී ප‍්‍රථම වරට තරගවලට ඉදිරිපත් වූ ඔහු පසුගිය වසරේ රාජ්‍ය සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයක් හිමිකර ගන්නට වාසනාවන්ත විය. ඒ Cultural & life styles ප‍්‍රථම ස්ථානයත් portraits දෙවෙනි ස්ථානයත් යන ජයග‍්‍රහණ ද්විත්වයයි. ඉන් අනතුරුව World Photography Awards තරගයට ඉදිරිපත්වී එහි ප‍්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත්තේ ප‍්‍රසාද්ය. එම ජයග‍්‍රාහී ඡායාරූපය වූයේ මාදැල ඇදීමේ ඡායාරූපයකි.

වීරකැටියේ ප‍්‍රසාද්ගේ ඡායාරූපය ලෝකයේම පළමු  තැනට
වීරකැටියේ ප‍්‍රසාද්ගේ ඡායාරූපය ලෝකයේම පළමු  තැනට

මෙම ජායාරූපය දකුණු පළාතේ රන්න වෙරළ තීරයේ මාදැල් අදින ධීවරයන්ගේ ජායාරූපයකි. අමල් දින දෙකක් පමණ වෙහෙසි ඔහුගේ සිතැගි පරිදි දෙවැනි දිනයේදී මෙම ජායාරූපය ලබාගෙන ඇති අතර පළමු දින ලද අත්දැකීම් තුළින් දෙවැනි දින ඔහුගේ සිතට සරිලන ඡුායාරූපය ලබා ගන්නට හැකියාව උදා වී ඇත. පළමු දින තිබූ මාදැල කොළ පාට වූ බැවින් එය සයුරේ පාටටම සමාන නිසාත් එහි විශේෂතාවක් නොතිබූ බැවින් පසු දින තිබූ රතු පාට දැල වර්ණවත් ලෙස ඔහුගේ ඩ්‍රෝන කැමරාවට හසුකර ගන්නට ඔහු සමත් වී ඇත. ජායාරූපයක් කැමරා කාචයට හසුකර ගැනීමේදී අනිවාර්යයෙන්ම ඒ සඳහා ස්වභාව සෞන්දර්යයේ සුන්දරත්වය බලපාන අතර මීට පෙර කිසිවෙක් ඒ අකාරයේ ජායාරූපයක් ලබා නොගෙන ඇති අතර ලංකාව ස්වභාව සෞන්දර්යයෙන් සැදුම්ලත් සොඳුරු තෝතැන්නක් බැවින් එහි සුන්දරත්වය මුළු මහත් ලෝකයක් ඉදිරියේ ඔසවා තබන්නට ඔහු සමත් වී ඇත. මෙම 2022 Sony World Photography තරගාවලිය සඳහා ලෝකය පුරා රටවල් වලින් ජායාරූප 340,000 අධික සංඛ්‍යාවක් තිබූ අතර ඉන් ප‍්‍රථම ස්ථානය ලබා ජාතික සම්මානය ලංකාවට රැගෙන ඒමට ලැබීම ඔහු ලද භාග්‍යක් බව ජායාරූප ශිල්පී අමල් ප‍්‍රසාද් පවසන්නේය.

  • පාරමී කෞෂිකා
advertistmentadvertistment
advertistmentadvertistment