වීරකැටියේ පුද්ගලයකුට වෙඩි තබා මරයි

109

වීරකැටිය, හකුරුවෙල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී ඊයේ (19 වැනිදා) උදේ පුද්ගලයකුට වෙඩිතබා ඝාතනය කර ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා ඊයේ (19 වැනිදා) උදේ 10.30 ට පමණ මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි දෙදෙනකු විසින් ටී 56 ගිනි අවියකින් වෙඩි තබා අදාළ අපරාධය සිදුකර පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ වීරකැටිය, හීන්බොක්ක පදිංචිව සිටි අතුල රත්නායක නමැති 53 හැවිරිදි අයෙකි.

ඝාතනයට ලක්වූ අය මිනීමැරුම් චෝදනාවකට ලක්ව සිටින අයකු බව හෙළිවිණැයි ද පොලිසිය කියයි.

කිසියම් පාතාල කල්ලියක් විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

සැකකරුවන් සොයා ඊයේ සවස් වනතුරුත් පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, මත්තල දිලීප් එන් ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment