වීරකැටියේ වෙඩි තැබීමකින් විරෝධතාකරුවෝ 2 ක් මරුට

101

ප්‍රකෝප වූ පිරිස් වීරකැටිය  සභාපති නිවසට ගිනි තබති

 රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහගේ  ඇල්පිටියේ මහගෙදරටත් ගිනි තබා වනසති


 වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන නමැත්තාගේ නිවස ගිනි තැබීමකට පිරිසක් පැමිණි අවස්ථාවේ එහි සිටි පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් පස්දෙනෙක් බරපතළ තුවාල ලැබ තිබේ.

 විරෝධතාකරුවන් දෙදෙනකු මෙහිදී මියගොස් තිබේ. අන්තිමේ කුපිත වූ ජනතාව එම නිවස සහමුලින්ම  ගිනිතබා විනාශ කර තිබේ. මේ අතර රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මියට අයත් ඇල්පිටිය නිවස කලහකාරී පිරිස් විසින් ගිනිතබා වනසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment