වීරයාට හිටපු ශ්‍රේෂ්ඨයාගෙන් සුබ පැතුම්

682

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාම අතර පැවැති තරග 5කින් යුත් පන්දුවාර 20-20 කි‍්‍රකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් ලකුණු 17 ක ජයග‍්‍රහණයක් ලබාගත් බටහිර ඉන්දීය කොදෙව්වෝ 3-2ක් ලෙස තරගාවලිය ජයග‍්‍රහණය කළහ.

 අවසන් තරගයේදී පන්දු 4කින් කඩුලූ 4ක් දවාගෙන එවැනි දස්කමක් කළ ලොව 4 වෙනි පන්දු යවන්නා බවට එම තරගයේදී පත්වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජේසන් හෝල්ඩර් හට හිටපු සුපිරි ක‍්‍රීඩක ශ‍්‍රීමත් ග‍්‍රාෆීල්ඞ් සෝබර්ස් මහතාද සුබ පැතුම් එක් කළේය.

 පන්දුවාර 2.5ක් තුළ එංගලන්ත කඩුලූ 5ක් ලකුණු 27කට දවා ගත් ජේසන් හෝල්ඩර් අවසන් තරගයේ මෙන්ම තරගාවලියේද වීරයා බවට පත්වූයේය. තරගාවලිය තුළ කඩුලූ 15ක් දවාගත් හෝල්ඩර් මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 162කට සීමා කිරීමට දායක වූ අතර පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව්වෝ ලකුණු 179ක් ලබාගත්හ.

 ලකුණු සාරාංශය

 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම (බ‍්‍රැන්ඩන් කින්ග් 34, කයිල් වේයර්ස් 31, රොව්මන් පටෙල් 35, කරත් හෙලාර්ඞ් 41, අසිල් රෂීඞ් 17-2, ලිවින්ස්ටෙන් 17-2)

 එංගලන්ත කණ්ඩායම (ජේම්ස් වින්ස් 55, සෑම් බිලින්ග්ස් 41, ජේසන් හෝල්ඩර් 27-5, අකීල් හොසේන් 30-4)

advertistmentadvertistment
advertistmentadvertistment