වීරවිල්වල සඟවා තිබූ කෝටි තුනහමාරක කේරළ ගංජා කිලෝ 130ක් හමුදා භාරයට

121

ඉන්දියාවේ සිට බෝට්ටුවකින් රැගෙන විත් කිළිනොච්චිය පුනරීන් වීරවිල් ප්‍රදේශයේ මුහුදු වෙරළ ආසන්නයේ සඟවා තිබූ රුපියල් කෝටි තුනහමාරක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 130 ක ප්‍රමාණයක් යුද හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් විසින් 01 දා සොයා ගෙන තිබේ.

බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර ඒම කේරළ ගංජා තොගය අයත් සැකකරුවන් මෙතෙක් හමු වී නොමැත.යුද හමුදාව විසින් එම කේරළ ගංජා තොගය ජෙයපුරම් පොලිසිය වෙත බාර දී ඇති අතර පොලිසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment