වීසා කාඞ්පත් හිමියන්ට සුවිශේෂී වට්ටම් එක්තැන් කරන වෙබ් අඩවියක්

180

වීසා අද නිවේදනය කළේ තම කාඞ්පත් හිමියන් සඳහා ශ‍්‍රී ලංකාව තුළ ලබා ගත හැකි සුවිශේෂී දීමනා එක්තැන් කරන වීසා Special Offers වෙබ් අඩවිය හඳුන්වාදී ඇති බවයි.

එළඹේන සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද සැමරීම සඳහා උත්සව කාලයට රිසි ලෙස විශේෂ වට්ටම් සහ දීමනා තම වීසා කාඞ් පත සදහා ලබාගැනීමේ අවස්ථාව දැන් වීසා කාඞ් හිමියන්ට හිමිවී තිබේ.

වීසා ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් සඳහා විශේෂ දීමනා වීසා එස්එල් ඔෆර්ස් (Visa SL Offers) නම් සුවිශේෂී වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක. මෙම දීමනා පාරිභෝගික (සිල්ලර) මෙන්ම වාණිජ (ව්‍යාපාර) වීසා කාඞ්පත් හිමියන් සඳහා වලංගු වේ. වසර පුරාම මෙරට සහ ජාත්‍යන්තර වෙළදුන් ගෙන් ඔන්ලයින් හෝ වෙළදපොලෙන් ලබා ගත හැකි විශේෂ දීමනා රැසක් වීසා කාඞ්පත් හිමියන්ට මෙමගින් හිමි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment