වීසා තැපෑලේ ත්‍රෛලෝක විජය පත්‍ර ගින්නේ…

572

අක්කර 15 ක බඩ ඉරිඟු වගාවක් මැද අක්කර දෙකක ගංජා වගාවක් පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පවසයි.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය තෝරකොලයාය ප්‍රදේශයේ පදිංචි 40 සහ 31 වියැති පුද්ගලයින් දෙදෙනෙකු බව පොලිසිය කීය.

අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම තණමල්විල නිකවැව ප්‍රදේශයේ සිට කිලෝමීටර් 7 ක් වන මැද පිහිටි දෙමෝදර කැලෑවේ දින කිහිපයක් ආවේක්ෂණ රාජකාරි කිරීමෙන් පසු වැටලීම කර ඇත.

හොඳින් වැඩී තිබූ අඩි 6, 7 සහ 8 ප්‍රමාණයේ උසකින් යුතු ගස් 10400 ක් පමණ සොයාගෙන පුලු‍ස්සා විනාශ කර සැකකරුවන් දෙදෙනා දේශීය නිෂ්පාදිත ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව වැටලීමට එක්වූ නිලධාරීයෙක් කීය.

වීසා තැපෑලේ ත්‍රෛලෝක විජය පත්‍ර ගින්නේ…
වීසා තැපෑලේ ත්‍රෛලෝක විජය පත්‍ර ගින්නේ…

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තණමල්විල පොලිසියට භාරදි තිබේ.

අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක චතුරංග, සැරයන් වරුන් වන සම්පත් (34980), ජයරත්න (42520), කොස්තාපල්වරුන් වන යෝගනාදන් (90452), පෙරේරා (92801), අමිල (92905) ඇතුළු දාහතර දෙනෙක්ගෙන් සමන්විත පොලිස් කණ්ඩායම් දෙකක් වැටලීමට එක්වූහ.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක බණ්ඩාරගම සහ කැස්බෑව ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment