වීසේගේ දක්ෂතා නැමීබියාවට ජයගෙන එයි

437

නැමීබියාව සහ නෙදර්ලන්තය අතර අබුඩාබිහි ශෙයික් ශයිඞ් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (20 වැනිදා) පැවැති 2021 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයෙන් කඩුලූ 6ක ජයග‍්‍රහණයක් ලැබීමට නැමීබියා කණ්ඩායම සමත් විය.

ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම රැුස්කළ ලකුණු 164 තරගයේ 19 වැනි පන්දුවාරයේදී ඉක්මවා යෑමට නැමීබියා කණ්ඩායම සමත් විය.

නැමීබියාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ඬේවිඞ් වීසේ පන්දු 40කදී ලකුණු 66ක් ලබාගත් අතර ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර හතරක් ඇතුළත් විණි. පන්දු යැවීමෙන්ද කඩුල්ලක් දවා ගත් වීසෙගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානය හිමිවිය. නැමීබියාව මෙම තරගාවලියේ ලබාගත් පළමු ජයග‍්‍රහණය මෙය ලෙසින් සටහන් වේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 20 අවසානයේදී කඩුලූ 4ක් දැවී ලකුණු 164ක් වාර්තා කිරීමට සමත්විය. මැක්ස් ඔඩවුඞ් පන්දු 56කදී හයේ පහරක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 70ක් වාර්තා කිරීමට සමත්විය. කොලින් අක්‍රෙමෙන් පන්දු 32කදී ලකුණු 35ක් සහ ස්කොට් එඞ්වඞ් පන්දු 11කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 21ක් වාර්තා කළේය.

නැමීබියාව වෙනුවෙන් නායක ගර්හාඞ් ඉරුස්මස් පන්දු 22කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 32ක් සහ ස්ටෙපන් බාර්ඞ් ලකුණු 19ක්ද රැුස් කළේය.

ලකුණු සටහන

නෙදර්ලන්තය පන්දුවාර 20දී කඩුලූ 4ක් දැවී ලකුණු 164යි.

නැමීබියාව පන්දුවාර 19කදී කඩුලූ 4ක් දැවී ලකුණු 166යි.

කුෂාන් සුබසිංහ අබුඩාබි සිට…

advertistmentadvertistment
advertistmentadvertistment