වී අලෙවි මණ්ඩලය වී මිලදී ගෙන ඇති හැටි කෘෂිකර්ම ඇමැතිගෙන් හෙළිදරව්වක්

91


වී අලෙවි මණ්ඩලය විසින් 2016න් පසු ඇතැම් කන්නවල වී ඇටයක්වත් මිල දී ගෙන නැති අවස්ථාත් වාර්තා වී තිබෙනවා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
වී අලෙවි මණ්ඩලය විසින් 2016න් පසු සමහර යල කන්නවල දී වී මෙට්‍රික් ටොන් 3000කට වඩා වැඩිපුර වී මිල දී ගෙන නැතැයිද සාමාන්‍යයෙන් යල කන්නයේ දී මිල දී ගෙන තිබෙන්නේ වී මෙට්‍රික් ටොන් 2000/-3000ත් අතර ප්‍රමාණයක් බවත් ඇමැතිවරයා සඳහන් කරයි. නමුත් 2022 යල කන්නයේ දී වී මෙට්‍රික් ටොන් 7000 ඉක්මවා වී මිල දී ගන්නට හැකිවූ බවද ඇමැතිවරයා පවසයි.

මම පසුගිය වසර පහක දත්ත සොයා බැලුවාග ඒ අනුව 2016- 17 යල හා මහ කන්න දෙකේම වී ඇටයක්වත් මිල දී ගෙන නැහැග 2018 යල කන්නයේ වී මෙට්‍රික් ටොන් 2082 මිල දී ගත්තත් 2019 යල කන්නයේ වී මිල දී ගෙන නැහැග ඒ වගේම 2020 යල කන්නයේ වී මෙට්‍රික් ටොන් 3082ක් මිල දී ගෙන තිබෙනවාග ගොවීන් විසින් වගා කරන වී වලින් සියයට සියයක්ම වී අලෙවි මණ්ඩලය මිල දී ගන්නේ නැහැග සමස්ත වී අස්වැන්නෙන් සියයට 02- 10ත් අතර ප්‍රමාණයක් තමයි වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගෙන තිබෙන්නේග

advertistmentadvertistment
advertistmentadvertistment