වී ගන්න මණ්ඩලයට ණය දෙන්න රාජ්‍ය බැංකුවක බැහැ කියයි

203

කැබිනට් අනුමැතියකින් වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට ණය පහසුකම් සලසන ලෙස රාජ්‍ය බැංකුවලට උපදෙස් දී ඇතත් එක් රාජ්‍ය බැංකුවක් මණ්ඩලයට එම මුදල් ලබාදීම ප‍්‍රතික්ෂේප කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ බලධාරියෙක් සඳහන් කළේය.

වී මිලදී ගැනීමට මිලියන 60000 හා මිලියන 5000 බැගින් ණය පහසුකම් ලබාදෙන ලෙසට රාජ්‍ය බැංකු දෙකකට උපදෙස් දී තිබුණද මිලියන 5000 ලබාදීම එක් බැංකුවක් ප‍්‍රතික්ෂේප කර ඇතැයි පැවසූ හෙතෙම වී අලෙවි මණ්ඩලයට ණය දීම ප‍්‍රතික්ෂේප කළත් මහා පරිමාණ වී මෝල් හිමියන්ට බිලියන ගණන් ණය ලබාදෙන බව ද කීය.

මෙයට පෙර වී මිලදී ගැනීමට එම රාජ්‍ය බැංකුවෙන් ලබාදුන් මිලියන 600 න් මිලියන 200ක් ගෙවා ඇති බවත්, සතොස ආයතනයෙන් මුදල් ලැබුණු පසු ඉතිරි මුදල් ලබාදෙන බවත් සඳහන් කළේය.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment