වී ගන්න  සල්ලි ප්‍රශ්නයක් – ඇමැති මහින්ද අමරවීර

85

මහ කන්නයේ වී මිල දී ගැනීමට රජයට මුදල් සොයා ගැනීමේ ගැටලුවක් ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07දා) සඳහන් කළේය.

වී මිල දී ගැනීමට රාජ්‍ය බැංකු දෙකකින් රුපියල් බිලියන 02ක මුදල් ප්‍රමාණයක් ලබා දෙන ලෙස ඉල්ලා තමන් කැබිනට් පත්‍රිකාවක් යොමු කළ බවත් මේ වන තෙක් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබීම කනගාටුවට කරුණක් බවත් හෙතෙම කීය.

එලෙස මුදල් සොයා ගැනීමේ කටයුත්ත සඳහා තමන් පෞද්ගලිකව මැදිහත්වී එම බැංකු සමග සාකච්ඡා කළ ද ඉතාමත් මන්දගාමී අන්දමින් එම කටයුතු සිදු වන බව ද කී ඇමැතිවරයා මුදල් ලැබෙන පරිදි වී මිල දී ගන්නා බව ද කියා සිටියේය.

තම අමාත්‍යාංශයේ නිලධාරීන් ද එම බැංකුවලට ගොස් මුදල් ඉල්ලා සිටින බවත් මුදල් ලැබෙන ආකාරයට රජය වී මිලදී ගන්නා බවත් විපක්ෂ මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද අමරවීර මහතා පැවසීය.

අකිත පෙරේරා,  රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment