වී ගොවීන්ගේ යූරියා ඉල්ලීමට කෘෂි අමාත්‍යංශ ලේකම්ගේ පිළිතුර

105


මහ කන්නයේ වී වගාව සඳහා පළමු මුරයට අවශ්‍ය යුරියා පොහොර සියලු‍ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත නිකුත් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.
මෙවර මහ කන්නයේ දී පොහොර ලබා දීම පියවර කිහිපයක් ඔස්සේ සිදු කෙරේ. කෘෂිකර්ම දෙපාර්කමේන්තුව නිර්දේශ කර ඇති පරිදි මෙවර වී වගාවට සියයට 70ක් රසායනික පොහොර හා සියයට 30ක් කාබනික පොහොර යෙදීම සඳහා නිර්දේශ ලබා දී ඇතැයි පවසන ලේකම්වරයා වී වගාවේ දී යුරියා පොහොර පළමු මුරය වී වපුරා හෝ ගොයම් සිටුවා දින 14ක් තුළත්, දෙවන යුරියා පොහොර මුරය සති 04කින් ද සහ තුන්වන යුරියා පොහොර මුරය වපුරා හෝ ගොයම් පැළ සිටුවා දින 42ත් 45ත් අතර යොදනු ලබන බවද සඳහන් කරයි.
ගොවීහු මුර තුනටම අවශ්‍ය පොහොර එකවර ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් එසේ එකවර සැපයීමට අවශ්‍ය තරම් යුරියා පොහොර දැනට නැතැයි ද ලේකම්වරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment