වී මෝල්ලු ලාභයෙම ගිලිලා

321

වී මෝල් මිල සූත්‍රයට අනුව මහා පරිමාණ හාල් මෝල් හිමියන්ට නාඩු සහල් කිලෝවක් රුපියල් 124 ත් 207 ත් අතර මිලකට ලබාදිය හැකි යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් නාමල් කරුණාරත්න මහතා පවසයි.එසේ තිබියදී ඔවුන් නාඩු සහල් කිලෝවක් රුපියල් 218 ත් 270 ත් අතර මිලකට අලෙවි කරමින් අසීමිත ලාභයක් ලබාගන්නා බව ඒ මහතා චෝදනා කළේය.

වී මෝල් මිල සූත්‍රයට අනුව වී කිලෝවක් 1.6 ක් වැඩිකර ඊට රුපියල් 12 ක් එකතු කරන බවත් ඒ අනුව ලැබෙන මිලට සහල් මිල තීරණය කර පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමට හැකි බවත් ඔහු පැවසීය.ඒ අනුව වී කිලෝවක් රුපියල් 117 ට මිලදී ගන්නේ නම් නාඩු සහල් කිලෝවක් රුපියල් 207 ට අලෙවි කළ හැකි බවද ඒ මහතා සඳහන් කළේය. මෙම වී මෝල් සූත්‍රය තුළ සේවක වැටුප් විදුලි ගාස්තුව සහ මෝල් හිමියාගේ ලාභයද ඇතුළත්ව ඇති බව පැවසූ නාමල් කරුණාරත්න මහතා එසේ තිබියදී මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් අධික මිලකට වෙළෙඳපොළට සහල් නිකුත් කිරීමේ ජාවාරම වහා නැවැත්වීමට රජය පියවර ගත යුතුයි ද කීවේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment