වී හූරගෙනම එන්න ඇමැති වහන 175 ක්‌ දාලා… කුඩා මෝල් හිමියෝ විපක්‌ෂ නායකට කියති

1542

ලොරි රථ 176 ක් යොදවා ආණ්ඩුවේ ඇමැතිවරයකු තම පෞද්ගලික ව්‍යාපාරය වෙනුවෙන් මේ දිනවල ගොවීන්ගේ නිවෙස් වෙත ගොස් ලහිලහියේම වී තොග මිලදී ගනිමින් සිටින බව කුඩා සහ මධ්‍යම හාල් මෝල් හිමියෝ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හමුවී පැවසූහ.

මෙලෙස මහා පරිමාණ වී මෝල් හිමියන් වී තොග විශාල වශයෙන් එක්රැස් කිරීමට උත්සුක වන නිසා කුඩා හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන් අන්ත අසරණ වී ඇතැයි ද ඔවුන් විපක්‍ෂ නායකවරයාට පවසා තිබේ.

ඊට අමතරව මහා පරිමාණයෙන් වී තොග එසේ මිලදීගෙන එක්රැස් කිරීම හේතුවෙන් ලබන වසරේදී සහල් මිල තවත් ඉහළ යනු ඇතැයි ද විපක්‍ෂ නායකවරයා හමුවේ එම කුඩා සහ මධ්‍යම වී මෝල් හිමිකරුවන් සඳහන් කර ඇත.

ඊට අමතරව ආණ්ඩුව විසින් තවත් මහා පරිමාණ වී මෝල් කිහිපයක් ආරම්භ කිරීමට යෑමෙන් තමන් තව තවත් අසරණ වන බව ද ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment