වෘත්තීය පුහුණු ආයතනයට නොදන්වා ප්‍රා. ලේකම්වරිය වගාබිම තෘණ වැවීමට ව්‍යාපාරිකයකුට දීමේ සැලසුමක!

166

නැන්දේ අපේ ඉඩම අපට දෙන්න – විශේෂ අධ්‍යාපනය ලබන දරුවෝ ඉල්ලා සිටිති

විශේෂ අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් ඇති දිස්ත්‍රික්කයේ එකම වෘත්තීය පුහුණු පාසල හොරණ සුඛිත වෘත්තීය පුහුණු පාසලයි. කාලයක් වැසී තිබුණු එම ආයතනය හොරණ වතුර මල පාරේ නැවත ස්ථාපනය කර ඇත.

වෘත්තීය පුහුණු ආයතනයට නොදන්වා ප්‍රා.  ලේකම්වරිය වගාබිම තෘණ වැවීමට ව්‍යාපාරිකයකුට දීමේ සැලසුමක!

කොරෝනා උවදුර නිසා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් පවත්වාගෙන ගිය වෘත්තීය පුහුණුව තාවකාලිකව නවත්වා අනතුරුව සංගමය කෘෂි තාක්ෂණය පමණක් කරගෙන ගොස් ඇත. කොරෝනා කාලයේදී එම ආයතනය තාවකාලිකව වසා තැබීමත් සමග හොරණ රෝහලේ කොරෝනා වාට්ටුව වෙනුවෙන් ආහාර පිසීම සඳහා යුද හමුදාව වෙත සුඛිත වෘත්තීය පුහුණු ආයතනය ලබා දී කොරෝනා අවසන් වීමෙන් අනතුරුව නැවත වාරයක් ආයතනය ආරම්භ කර 2021, 2022 සඳහා නැවත වෘත්තීය පුහුණුව වෙනුවෙන් දරුවන්ට අයදුම්පත් නිකුත් කර ප්‍රා.ලේකම්වරියද පැමිණ උත්සවාකාරයෙන් ආයතනය නැවත ආරම්භ කර ඇත. මෙහි සියලු අධ්‍යාපනයන් නොමිලේ පවත්වාගෙන ගොස් ඇති අතර හොරණ ප්‍රාදේශීය ලේකම්වරිය විසින් සුඛිත වෘත්තීය පුහුණු ආයතනයට කිසිත් නොදන්වා “මෙම ඉඩම රජය සතු ඉඩමකි. ඇතුළු වීම තහනම්” යන පුවරු ප්‍රදර්ශනය කර ඇත. මේ වන විට මේ අහිංසක දරුවන් වෙනුවෙන් කිසිම වෘත්තීය පුහුණුවක් ලබා නොදෙන තැනට ප්‍රාදේශීය ලේකම්වරිය විසින් කටයුතු අහුරා මනස සෙමෙන් වැඩෙන විශේෂ අධ්‍යාපන ඒකකයේ කෘෂි තාක්ෂණය හදාරන දරුවන්ගේ බිම් කොටසත්, එයින් ලබා ගන්නා අස්වැන්න සහ සුඛිත ගල්පාත නිවාසයේ අධ්‍යාපන ලබන දරුවන්ගේ නිෂ්පාදන අලෙවිකරණ වෙළඳ කුටියද තණකොළ වැවීම සඳහා ව්‍යාපාරිකයකුට පවරා ඇති බව දැන ගැනීමත් සමග ඔවුන් විරෝධතාවක් ආරම්භ කර ඇත.

මෙවැනි දරුවන්ට ප්‍රදේශයේ ඉහළම රාජ්‍ය නිලධාරිනිය විදිහට සහයෝගය ලබා දෙනවා වෙනුවට එම දරුවන් වෙනුවෙන් තිබෙන එකම ආයතනයත් හූරා කමින් ව්‍යාපාරික මහතෙකුට තණකොළ වවන්නට ලබාදීම මේ අසරණ දරුවන් කබලෙන් ළිපට ඇද දැමීමක් යැයි චෝදනා කරමින් හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයේදී විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අත්වල තිබූ විරෝධතා පුවරුවල “නැන්දේ අපේ ඉඩම් අපට දෙන්න” යනුවෙන් සටහන්ව තිබුණි.

ඉන් අනතුරුව ප්‍රා.ලේකම්වරියට දරුවන් විසින් සංදේශයක් භාර දීමෙන් අනතුරුව දරුවන් පිරිස නැවත නේවාසිකාගාරය වෙත ගියහ. ප්‍රා.ලේකම්වරිය ප්‍රකාශ කර සිටියේ අදාළ ගොඩනැගිල්ල නැවත ලබාදෙන බව සහ වගා කළ පොල් ගස් ඇති කොටස සහ වෙළෙඳ සල් පවතින කොටස තණකොළ වැවීමට ව්‍යාපාරිකයෙක්ට ලබාදීමට කටයුතු කරන බවයි.

චන්දන පෙරේරා – ගල්පාත

advertistmentadvertistment
advertistmentadvertistment