වෘත්තීය සමිති නායකයන් නිරෝධායනයට යැව්වාට කොළඹ රථ පෙළපාලි

201

ගුරු වෘත්තීය සමිති නායකයන් නිරෝධායනයට යොමුකිරීමට එරෙහිව ගුරු වෘත්තීය සමිති 14 ක සාමාජිකයෝ ඊයේ (14 දා* කොළඹදී විරෝධය පළකිරීමට රථ පෙළපාලියක නිරත වූහ.

 නිදහස් අධ්‍යාපනය සඳහා සිසුජන ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතාවයක් අතරතුර නිරෝධායන රීති කඩකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප හිමිවීමෙන් අනතුරුව නිරෝධායනයට යොමු කෙරිණි. එම නිරෝධායනයට යොමු කළ පිරිස වහාම නිදහස් කරන ලෙස ඉල්ලමින් ඔවුහු මෙම විරෝධතාවයේ නිරත වූහ.

වෘත්තීය සමිති නායකයන් නිරෝධායනයට යැව්වාට කොළඹ රථ පෙළපාලි

කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේදී මෙම රථ පෙළපාලිය ආරම්භ කෙරිණි. විවිධ පාඨ සහිත පුවරු අතැතිව ඔවුහු මෙම විරෝධතාවයට එක්ව සිටියහ.

 කොළඹ නෙළුම් පොකුණ අසලින් ආරම්භ වූ මෙම විශාල රථ පෙළපාලිය ලිප්ටන් වට රවුම, ටෙක්නිකල් හන්දිය ඔස්සේ පිටකොටුවටත්, පසුව ගාලූ මුවදොර වටරවුම, කොල්ලූපිටිය හන්දිය, පිත්තල හන්දිය, කොළඹ විහාරමහා දේවි උiානය ඉදිරිපිට ඇති බුදු පිළිමය ඉදිරිපිටින් අවසන් කෙරිණි.

 යතුරුපැදි පෙරටුකරගත් රථ පෙළපාලියක් මෙහිදී ගමන් කරනු දැකගත හැකි විය.

 මේ අතර ගුරු විදුහල්පති වෘත්තීය සමිති සියල්ල ඒකාබද්ධව සංවිධානය කරන ලද විරෝධතා යතුරුපැදි පෙළපාලියක් ඊයේ (14 දා* කළුතර දිස්ති‍්‍රක්කයේ කි‍්‍රයාත්මක විය.

 ඒ අනුව බේරුවලින් ආරම්භ කළ මෙම යතුරුපැදි පෙළපාලිය පානදුර නගරයට ගොස් ආපසු හැරී විත් කළුතර බෝධින්වහන්සේ අසලින් නිම කිරීමට සැලසුම් කර තිබිණි.


 ජෝශප් ස්ටාලින් ඇතුළු වෘත්තීය සමිති නායකයන් නිදහස් කරනු, කොතලාවල පනත හකුලා ගනු, නිදහස් අධ්‍යාපනයට අත නොතබනු, ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට වහා විසඳුම් දෙනු ආදී වදන් සහිත පුවරු ඔවුන් තම යතුරුපැදිවල ප‍්‍රදර්ශනය කර තිබිණි.

 එම යතුරුපැදි පෙළපාලිය කළුතර කටුකුරුන්ද මංසන්ධිය පසුකරමින් තිබූ ආකාරය හා කළුතර නගරයේ පොලිස් ආරක්‍ෂාව තරකර තිබූ ආකාරය ඡුායාරූපවලින් දැක්වේ.

 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, පි‍්‍රයදර්ශන ලියනගේ, විජයසිරි විiාසේකර – කළුතර සමූහ

advertistmentadvertistment
advertistmentadvertistment