වෘත්තීය සමිති ප්‍රධානීන්ගේ වත්කම් ප්‍රකාශ 30 ට පෙර ඉල්ලයි

165

මෙරට ලියාපදිංචි සියලු වෘත්තීය සමිතිවල විධායක සාමාජිකයන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබන මස 30 දාට පෙර ලබාදිය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව දන්වයි.

කම්කරු දෙපාර්තමේන්තුවේ ලේකම්වරයා වෙත එම ප්‍රකාශ ලබාදිය යුතු බව ද කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්‍ද්‍රකීර්ති මහතා විසින් වෘත්තීය සමිති වෙත ලිපියක් යොමුකරමින් දන්වා තිබේ.

මේ අතර කම්කරු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රකාශ පළකරන පුද්ගලයන්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස කම්කරු ඇමැති මනුෂ නානායක්කාර මහතා පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

කම්කරු නීති ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා ලබා ගැනීම මේ දිනවල සිදුකෙරෙන බවත්, නව නීති කෙටුම්පත් කිරීම මෙතෙක් සිදුකර නොමැති බවත් කම්කරු ඇමැතිවරයා වැඩිදුරටත් පවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment