වෘත්තීය සමිති විරෝධයෙන්  සපුගස්කන්දේ කෝටි 7 1/2 ක  ඕටී යළි අයකර ගැනීම නවතී

107

සපුගස්කන්ද පිරිපහදුව නවීකරණය සඳහා වසාදමා තිබූ කාලයේ එහි සේවක පිරිසක් ලබාගත් රුපියල් කෝටි හතහමාරක අතිකාල මුදල් අයකර ගැනීමට ගත් තීරණය වෘත්තීය සමිති විරෝධය හමුවේ නතර කිරීමට පාලනාධිකාරියට සිදුව තිබේ.

2021 වසරේ පිරිපහදුව වසාදමා තිබූ කාලයේ පිරිපහදුවේ සේවකයන් අතිකාල ලෙස විශාල මුදලක් ලබාගෙන ඇතැයි ලැබුණු පැමිණිලි මත සිදුකළ විශේෂ විගණනයකින් මෙසේ රුපියල් කෝටි හතහමාරකට අධික අතිකාල (O/T) ලබාගෙන ඇතැයි තහවුරු වී ඇත.

ඒ අනුව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතාගේ උපදෙස් මත එම මුදල යළි අයකර ගැනීමට තීරණය කර තිබිණි. මෙම අතිකාල ලබාගත් කාලයේදී පිරිපහදුවේ සේවකයන් අතර කොවිඩ් වසංගතයද පැතිරගොස් ඇති අතර කොවිඩ්වලට ගොදුරුවී නිරෝධායන හා ප්‍රතිකාරවලට ගිය අය පවා අතිකාල ලබාගෙන තිබූ බවට හෙළිවී තිබීම විශේෂත්වයකි.

වංචනික ලෙස අතිකාල ලබාගත් අයගේ වැටුපෙන් අදාළ මුදල් කපාහැරීමට ගත් තීරණය සැලවූ පසු වෘත්තීය සමිති, ආයතන කළමනාකරිත්වය සමඟ 22 වැනිදා සාකච්ඡා කොට ඇත.

එම සාකච්ඡාවේදී කළමනාකාරිත්වය පොරොන්දුවී ඇත්තේ එම මුදල් අයකර ගැනීමට ගත් තීරණය නතර කරන බවයි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment