වෘත්තීය සමිති 17 ක් අනිද්දා වර්ජනයේ

213

අනිද්දා (10 දා) පැවැත්වෙන රජයේ විධායක නිලධාරීන්ගේ එක්දින සංකේත වැඩවර්ජනයට වෘත්තීය සමිති 17 ක් එකතු වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්.ඒ.එල්. උදයසිරි මහතා ඊයේ (7 දා) ‘දිවයින’ට පැවසීය.

රාජ්‍ය සේවයේ තෝරාගත් සේවාවන් කිහිපයක් සඳහා පමණක් වැටුප් හා දීමනා ඉහළ නැංවීමට කි‍්‍රයාකිරීම හරහා ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය දිගින් දිගටම උල්ලංඝනය කිරීම වහා නතර කරන ලෙස ආණ්ඩුවට බලකරමින් මෙම එක්දින සංකේත වැඩවර්ජනය පැවැත්වෙන බව ද උදයසිරි මහතා කීවේය. එසේම අනිද්දා එක්දින සංකේත වැඩවර්ජනයට සමගාමීව කොළඹදී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වෙන බව ද උදයසිරි මහතා පැවසීය. මේ වෘත්තීය කි‍්‍රයාමාර්ගය සඳහා රජයේ දීප ව්‍යාප්ත හා සමාන්තර සේවාවලට අයත් වෘත්තීය සමිති 17 ක් නියෝජනය කරන සේවකයන්  42,000 ක් පමණ එක්වීමට නියමිතව ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment