වෙඩි තැබීමකින් අවුරුදු 14 ක පිරිමි ළමයකු මිය යයි

249

වීරකැටිය ගජනායක ගම ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් වයස අවුරුදු 14 ක පිරිමි ළමයකු මිය ගොස් තිබේ.

එලෙස මිය ගොස් ඇත්තේ ගජනායකගම අම්බල ගෙදර පදිංචිව සිටි මොහොට්ටිගේ සචින්ත නිම්සර නම් ළමයතු බව පොලීසිය කියයි.

පවුල් ආරවුලක් දුරදිගයාමෙන් ඊයේ (19) රාත්‍රී 10.30 පමණ ඇති වූ ගැටුමක් අතරතුර සිදුකළ වෙඩි තැබීමකින් අදාළ දරුවා බරපතළ තුවාල ලබා වීරකැටිය රෝහලට ඇතුළත්කර ඇත.

පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.

මෙම වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා ඇතුළු තුන් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මිය ගිය ළමයාගේ සිරුර වීරකැටිය ප්‍රදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment