වෙඩි තැබීමෙන් ඝාතනය වූ මුණුපුරාගේ සොහොන මතදී සීයා වසබීලා

1004

වීරකැටිය ගජනායකගම ප‍්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කෙරුණු 14 හැවිරිදි පාසල් සිසුවාගේ අවසන් කටයුතු පෙරේදා (22 දා) සවස සිදු කෙරුණු අතර සිය මුණුබුරාගේ මෙම හදිසි වියෝව දරාගත නොහැකිව 67 හැවිරිදි සියා දරුවාගේ සොහොන මතදී වස පානය කර ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.

මෙලෙස වස පානය කර ඇත්තේ පසුගිය 19 වන දින වීරකැටිය ගජනායකගමදී ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඥාතීන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකදී සිදුකළ වෙඩි තැබීමකින් මියගිය 14 හැවිරිදි සචින්ත නිම්සරගේ සීයා වන 67 හැවිරිදි මොහොට්ටිගේ ජිනදාස නමැති අයයි.

මියගිය සචින්තගේ අවසන් කටයුතු පෙරේදා (22* සවස ගජනායකගමදී සිදුකෙරුණු අතර දේහය මිහිදන් කිරීමෙන් පසු පිරිස සුසාන භූමියෙන් ඉවත්ව ගොස් තිබේ. එහිදී මඳ වේලාවක් සුසාන භූමියේ රැුදී සිට ඇති සචින්තගේ 67 හැවිරිදි සීයා ඉනේ සඟවාගෙන තිබූ වස කුප්පියක් ගෙන සොහොන මත වාඩි වී වස පානය කර තිබේ. ඒ ආසන්නයේ සිටි ඥාතීන් පිරිසක් මෙය දැක ඇති අතර වස පානය කළ අය ප‍්‍රතිකාර සඳහා වීරකැටිය රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මුල්කිරිගල – පී. එස්. හෙට්ටිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment