වෙඩි තැබීමේ ජාතික ශූරතා ත්‍රිත්වයම සිරිමාවෝ විද්‍යාලයේ නේහාෂාට

173

ශ්‍රී ලංකා නාවික හමුදාව 07 වන වරට සංවිධානය කළ වෙඩි තැබීමේ ජාතික ශූරතාවලිය පසුගිය මාර්තු 28 සිට අප්‍රේල් 04 දක්වා වැලිසර නාවික හමුදා වෙඩි පිටියේදී පැවැත්විණ.

එහිදී වයස අවුරුදු 21න් පහළ මීටර් 10 වායු පිස්තෝල කාන්තා තරගයේ ශූරතාව දිනා ගැනීමට කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ නේහාෂා වීරසිංහ සමත් විය.

ඒ අනුව කණිෂ්ඨ ජාතික ශූරිය ලෙස මීටර් 10 වායු පිස්තෝල කාන්තා විවෘත තරගයට ද ඉදිරිපත් වූ නේහාෂා වීරසිංහ එහිදී සියලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් අභිබවමින් විවෘත අංශයේ ශූරතාව ද දිනා ගැනීමද සුවිශේෂී වාර්තාවක් විය.

ඊට අමතරව මීටර් 25 ක්‍රීඩා පිස්තෝල කාන්තා ඉසව්වේ ද ශූරතාව දිනාගනිමින්, ජාතික ශූරතා 03ක් සහිතව නාවික හමුදා වෙඩි තැබීමේ ශූරතා තරගාවලියේ කැපී පෙණුන ක්‍රීඩිකාව බවට නේහාෂා පත්විය. මේ වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණය පිළිබඳව උපාධි පාඨමාලව සඳහා ද නේහාෂා වීරසිංහ තේරී පත්ව සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment