වෙඩි තියා – විදුලිසර වද්දා  අලින් දෙන්නා මැරූ  අය සොයා පරීක්‍ෂණ

259

වෙඩි තැබීමකින් හා විදුලි සර වැද්දවීමෙන් මුලතිව් ඔට්ටිසුඩාන් ප‍්‍රදේශයේ දී වන අලින් දෙදෙනකු මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඔට්ටිසුඩාන් පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මුලතිව් ඔට්ටුසුඩාන් ප‍්‍රදේශයේ දී වන අලියකු වෙඩි ප‍්‍රහාරයකට ලක්ව තුවාල සහිතව පැමිණ ඒ අසල ඇළකට වැටී සිටියදී වනජීවී නිලධාරීන් විසින් එම අලියා සොයා ප‍්‍රතිකාර කරමින් සිටිය දී මිය ගොස් තිබේ.

මුලතිව් ඔට්ටිසුඩාන් ඔතියමලේ ප‍්‍රදේශයේ දී කුඹුරකට ගිය වන අලියකු විදුලි සර වැදීම නිසා එම කුඹුරට මදක් ඈතින් මිය ගොස් සිටිය දී වනජීවී නිලධාරීන්ට එම මළ සිරුර සොයා ගැනීමට හැකි වී තිබේ.

මේ පිළිබඳව වනජීවී නිලධාරීන් ඔට්ටිසුඩාන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් කණ්ඩායමක් මෙම වන අලින් දෙදෙනා මරා දැමූ පිරිස සෙවීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment