වෙඩි වැදී වතුර වළකට වැටී සිටි ඉත්තෑකටුවේ වල් අලියා මියයයි

211

මොනරාගල, ඉත්තෑකටුව ප්‍රදේශයේ වෙඩි වැදී විශාල වතුර වළකට වැටී සිටි වන අලියකු දින හතකට පසු පෙරේදා (07 දා) මියගොස් ඇතැයි මොනරාගල වනජීවී අඩවි කාර්යාලය පවසයි.

මීට සතියකට පමණ ඉහත දී වෙඩි වැදී වතුර වළකට වැටී සිටි අලියා වනජීවී නිලධාරීන්ට හමුවී ඇති අතර ප්‍රතිකාර කළත් බේරා ගැනීමට නොහැකි වී ඇත.

මියගිය අලියාගේ වයස අවුරුදු හතළිහක් පමණ වෙයි.

වන අලියාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (08 දා) ඌව හා මධ්‍යම පළාත් භාර පශු වෛද්‍ය නිලධාරී ආනන්ද ධර්මකීර්ති මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබිණි.

මෙම වන අලියාට වෙඩි තැබූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මොනරාගල වනජීවී අඩවි ආරක්ෂක අජිත් ගුණතුංග මහතා පරීක්ෂණ ආරම්භ කර ඇත.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment