වෙඩි වැදුණු අලියෙක් කෝණමඩුව වැවේ මරණාසන්නයේ

49

වනජීවියට කිව්වත් පැත්ත පළාතක ඇවිත් නැහැ

කකුලට වෙඩි වැදුණු තුවාලයක් සහිත වන අලියෙකු මුලතිව් මාන්කුලම කෝණකුලම වැවේ මඩ ගොහුරක වැටී නිරාහාරව සිටින බව ගම්වාසීන් වනජීවී නිලධාරින් වෙත දැනුම් දී තිබේ.

නමුත් වනජීවී නිලධාරීන් එදින හවස්වන තුරුත් අදාළ ස්ථානයට නොපැමිණි බව කෝණකුලම ගම්වැසියෝ පවසති. මෙම වන අලියාට වෙඩි වැදී ඇත්තේ මීට සතියකට පමණ ඉහතදී පමණ විය හැකි යැයිද ඔවුහු කියා සිටියහ.

තුවාලයේ වේදනාව නිසා පීඩාවට පත්ව සිටින වන අලියාට ආහාර ලබා දීමට ගම්වැසියෝ බියක් දක්වති.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment