වෙඩි වැදුණු ස්ලොවේකියා අගමැතිට අසාධ්‍යයි

646

ඒත් හිටියාට වඩා හොඳයි

පෙරේදා (15දා) වෙඩි තැබීමට ලක් වූ පැරණි යුගොස්ලෝවියාවට අයත් ස්ලොවේකියා රාජ්‍යයේ අගමැති රොබට් ෆිකෝගේ තත්ත්ව අසාධ්‍ය වුවද වෙඩි වැදුණු මොහොතේ සිටියාට වඩා හොඳ තත්ත්වයේ සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

පෙරේදා යුරෝපා රාජ්‍යයක් වන ස්ලෝවේකියාවේ රජයේ රැස්වීමක් පැවැත්වෙන අතරතුරදී 71 හැවිරිදි ලේඛකයකු විසින් ස්ලොවේකියානු අගමැති ෆිකෝට පස් වතාවක් වෙඩි තබා තිබිණි. කුඩා නගරයක් වන හෑන්ඩ් ලෝවා නගරයේදී සිදු කර ඇති මෙම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම වෙඩි තැබීමට මුල් වූ හේතුව අනාවරණය වී නැත. කේසේ වුවද යුගොස්ලෝවේකියාවේ අභ්‍යන්තර කටයුතු ඇමැති මාටස් සුටාජ් මාධ්‍යයට පවසා ඇත්තේ ස්ලොවේකියානු අගමැතිවරයාට වෙඩි තබා ඇත්තේ දේශපාලන බලපෑම් හේතුවෙන් බවයි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment