වෙනත් මූලාශ්‍ර නැතිනම් රුසියාවෙන්  තෙල් ගන්න වෙනවා – අගමැති

243

තෙල් මිලදී ගැනීමේදී අපට වෙනත් මූලාශ්‍ර නැතිනම් රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට ද සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ‘ඇසෝසියේටඩ් ප්‍රෙස්’ මාධ්‍ය ආයතනය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

පෞද්ගලික තෙල් සැපයුම්කරුවන් තමයි අපට තෙල් සපයන්නේ. මෙතන ප්‍රශ්නය වන්නේ වක්‍රාකාරයෙන් වෙළෙඳපොළේ ඇති ඉන්ධන තොග අතුරින් ඇතැම් ඒවායේ නිෂ්පාදිත රට වන්නේ ඉරාකය හෝ රුසියාව වීමයි. සමහර විට අපි දන්නෙ නෑ කොහේ නිෂ්පාදිත තෙල් ද අපි මිලදී ගන්නේ කියලා. අපි අනිත් මූලාශ්‍ර ගැනත් බලනවා. මැදපෙරදිග වැනි අපේ සම්ප්‍රදායික තෙල් සැපයුම්කරුවන් ගැනත් බලනවා. අපට ඉන්ධන අවශ්‍යයි. ඒ නිසා අපි පෞද්ගලික තෙල් සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කරනවා. වෙනත් මූලාශ්‍ර නැත්නම් අපිට රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට සිදුවෙයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment