වෙනත් රටවල් තැනීමේ යුගය අවසන් කළ බව ජනාධිපති බයිඩන් කියයි

331

ඇෆ්ගනිස්ථානයේ වසර 20කට ආසන්න කාලයක් පැවති යුද්ධය නිමා කිරීමට තමා විසින් ගත් තීරණය සාධාරණීකරණය කරමින් ජාතිය අමතා කථා කර ඇති ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇමරිකා එක්සත් ජනපදය ක‍්‍රියාත්මක කර තිබූ රටවල් තැනීමේ යුගය අවසන් කළ බව ප‍්‍රකාශ කර තිබේ.

පෙරේදා (31දා) දිනයේ ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදු කර ඇති ඇමරිකානු ජනාධිපතිවරයා ඇමරිකාව මින් ඉදිරියට අතීතයේ සිදු වූ වැරදිවලින් පාඩමක් ඉගෙනගෙන යුද්ධයකට මැදිහත් වන විට පැහැදිලි ඉලක්කයක් තබා ගත යුතු බවත් රටවල් තැනීමේ කාර්යයට මැදිහත් නොවිය යුතු බව සඳහන් කර තිබේ.

සිය කථාවේදී ඇෆ්ගනිස්ථානයේ පැවති යුද්ධය අවසන් කිරීම පිළිබඳව නිල වශයෙන් නිවේදනය කර ඇති ජනාධිපති බයිඩන් මින් ඉදිරියට රටවල් තැනීම සඳහා ඇමරිකානු හමුදාවන් විශාල වශයෙන් විදෙස් රටවල රැුඳවීම සිදු නොවන බව අවධාරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment