වෙන්වූ බිරිඳ සමග විවාහ වූ අයගේ ගෙල කපා මරා දමයි

243

තමාගෙන් වෙන්වූ බිරිඳ වෙනත් පුද්ගලයකු සමග විවාහ වීම සම්බන්ධයෙන් කෝපයෙන් පසුවූ පුද්ගලයකු බිරිඳ සමග විවාහ වූ පුද්ගලයාගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.

ඊයේ (17 දා) මැදින් පොහෝදා අලූයම 12.15 ට සිදුවූ මෙම සිද්ධියේදී ඝාතනයට ලක්ව ඇත්තේ කොම්පඤ්ඤවීදිය, ඩෝසන් පාරේ පදිංචිව සිටි මොහොමඞ් ෂෙයාවුදීන් නමැති 51 හැවිරිදි අයෙකි.

ඝාතනයට සම්බන්ධ 49 හැවිරිදි සැකකරු ඝාතනයට යොදාගත් පිහියද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු මෙම කාන්තාව සමග විවාහවී සිට ඇති අතර පසුව ඇය කාර්ති උසාවිය හරහා පළමු

සැමියාගෙන් වෙන්වී තිබේ. අනතුරුව පළමු විවාහක සැමියා මොරටුව, සොයිසාපුර ප‍්‍රදේශයේ නිවසක සිට ඇත.

තම බිරිඳ තවත් පුද්ගලයකු සමග විවාහ වීමට යන බව සැකකරුට දැන

ගැනීමට ලැබී ඇත. ඒ අනුව සිය බිරිඳ පෙරේදා (16 දා) මරණකරු සමග විවාහ දිවියට එළැඹී ඇත. මේ ගැන කෝපයෙන් පසුවී ඇති සැකකරු පැමිණ මරණකරු සමග බහින්බස් වී ඇති අතර එහිදී සැකකරු මෙම අපරාධය සිදුකර ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.

මේ පිළිබඳව කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩිලාන් රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මහින්ද ජයසිරි මහතාගේ මෙහෙයවීමෙන් උ.පො.ප.වරුන් වන වික‍්‍රමසිංහ, සඳරුවන්, පොලිස් සැරයන්වරුන් වන නිමල් (32188), ජයසිංහ (63375), පොලිස් කොස්තාපල්වරුන් වන ගුණවර්ධන (92416), සේනානායක (98228),

ගජනායක (91310) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප‍්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment